Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ක්‍රිකින්ෆෝ වෙබ් අඩවිය වසරේ ටෙස්ට්, එක්දින හා 20යි විස්ස කණ්ඩායම් නම් කරයි! එක්දින කණ්ඩායමේ නායකතවය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට හිමි වෙයි!

2 years ago

ලොව ජනප්‍රියතම ක්‍රිකට් වෙබ් අඩවියක් වන ක්‍රින්ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් 2024 වසරේ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් නම්කර තිබෙනවා.

2024 වසරේ දී ජාත්‍යන්ත ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා පදනම් කරගෙන මෙම කණ්ඩායම් තුන නම් කර ඇති අතර එම කණ්ඩායම් තුනටම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඇතුළත්වීම විශේෂත්වයක්.

ඒ අනුව ක්‍රින්ඉන්ෆෝ වෙබ් අඩවිය නම් කළ වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් ඇතුළත්.

එමෙන්ම වසරේ එක්දින කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන චරිත් අසලංක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් හහ වනිඳු හසරංග යන ක්‍රීඩාකයින් නම් කර ඇති අතර එම කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට හිමිව තිබීම විශේෂත්වයකි.

මීට අමතරව ක්‍රිඉන්ෆෝ වෙබ් අඩවිය නම්කළ වසරේ 20-20 කණ්ඩායම සඳහා ශ්‍රී ලාංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ නම් කර තිබෙනවා.