ඊයේ (පෙබරවාරි 01) පැවති මොරටුව සීමාසහිත විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජයට පත්ව තිබේ.
එහිදී සමගි ජන බලවේගයේ කණ්ඩායම ඡන්ද 51ක් ලබාගෙන ඇති අතර ජාතික ජන බලවේගයේ කණ්ඩායම ලබාගෙන ඇත්තේ ඡන්ද 47ක් පමණි.
නිලවරණයෙන් ජයගත් කණ්ඩායම එම ජයග්‍රහණය සැමරීම සඳහා රතිඤ්ඤා දැල්වීමේදී ඒ අසළ නවතා තිබූ ලොරි රථයකට හානි වූ අතර පසුව එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.
කෙසේ වෙතත් අදාළ ලොරි රථයේ හිමිකරු අද (02) සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකළා.
ඡන්දයෙන් ජය ගත් පිරිස සිය ජය සැමරීම සඳහා මහාමර්ගයේ සහ ඒ අවට පරිශ්‍රයේ අසල රතිඤ්ඤා දැල්වූ අතර එහිදී භාණ්ඩ බෙදා හරින කුඩා ලොරි රථයකට රතිඤ්ඤා විසි වීමෙන් ලොරි රථයේ වහලයට හානි සිදුව තිබෙනවා.
එම සිදුවීමට අදාළ ලොරි රථ රියදුරු සිය විරෝධය පළ කිරීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
