ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක හා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත් වෙන දෙවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙන බවයි දිමුත් Daily FT වෙත සදහන් කර ඇත්තේ.
එම තරගය අනිද්දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
එමෙන්ම මේජර් ලීග් තෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ පෙබරවාරි 14 සිට 16 වැනිදා දක්වා කොළඹ එන්.සී.සී ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත එන්.සී.සී කණ්ඩායමට එරෙහි තරගයේදී එස්.එස්.සී කණ්ඩායම නියෝජනය කරමින් දිමුත් සිය අවසන් පළමු පෙල තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර ඔහුට සමීප ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඔහු සිය පවුලේ සාමාජිකයින් සමඟ නුදුරේදීම ඕස්ට්‍රේලියාව වෙත සංක්‍රමණය වීමට සූදානමින් සිටින බවයි.
