ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ බැංකු පොලී යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට මෙවර අයවැයෙන් යෝජනා වී තිබෙනවා.
ඒ අනුව උපරිම රුපියල් මිලියනයක් දක්වා වූ ස්ථාවර තැන්පතු වෙත වෙළඳපොළේ පවතින පොලී අනුපාතයට වඩා සියයට තුනක වාර්ෂික අමතර පොලියක් ලබාදීමට යෝජනා වී තිබේ.
මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවිය යුතු සියයට 3% පොලියට අවශ්‍ය ප්‍රතිපාදන සඳහා රු මිලියන 15,000ක් වෙන් කෙරෙන අතර, එය 2025 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
