Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මිද්දෙණිය වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පිරිමි දරුවාත් මරුට

2 years ago

මිද්දෙනිය ගල්පොත්තයාය ප්‍රදේශයේ දී පෙරේදා (18) වන දා රාත්‍රියේ සිදු වූ වෙඩි ප්‍රහාරයට ලක්ව රෝහල් ගතකර සිටි නව හැවිරිදි දරුවා ද ඊයේ (19) වන දා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව පොලිසිය පවසයි.

ඒ අනුව පොලිසිය සඳහන් කළේ මිද්දෙනිය ගල්පොත්තයාය ප්‍රදේශයේ දී වෙඩි වැදීමෙන් වීරකැටිය මීගස් ආර ප්‍රදේශයේ පදිංචිව සිටි අරුණ විදානගමගේ නොහොත් කජ්ජා යන අන්වර්ත නමින් හදුන්වනු ලැබූ තැනැත්තා ද ඔහුගේ දියණිය සහ නව හැවිරිදි පුත්‍රයා ද මියගිය බවයි.

තංගල්ල කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල සෙනෙවිරත්න මහතාගේ මෙයෙවීම මත ‌පොලිස් කණ්ඩායම් කිහිපයක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

පොලිසිය පැවසුවේ වෙඩි වැදීමෙන් මියගිය අරුණ විදානගමගේ හෙවත් කජ්ජා නැමැත්තාට කප්පම් ගැනීම් ඇතුළු චෝදනා රැසක් පවතින බවයි

මියගිය අරුණ විදානගමගේ නමැත්තා දේශපාලන පක්ෂ කිහිපයක් සමඟම සමීපව සබඳකම් පැවැත්වූ අයෙක් බවයි වාර්තා වන්නේ.