හෙට්ටිපොල සිට මාතලේ බලා ධාවනය වු පෞද්ගලික බස් රථයක රියදුරෙකුට ඇතිවු හෘදයාබාධයක් හේතුවෙන් එම බස් රථය අනතුරට ලක්ව තිබෙනවා.
එම අවස්ථාවේ රියදුරු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි මහවෙල පොලිසිය පවසන්නේ.
මෙම බස් රථය මගීන් රැගෙන මාතලේ බලා ධාවනය වෙමින් තිබියදී A-9 මාර්ගයේ කොහොලන්වල විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය ඉදිරිපිට දි ඊයේ(24) සවස අනතුරට ලක්ව තිබෙනවා.
අනතුරින් බස් රථයේ ගමන් ගත් මගීන්ට කිසිදු හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.
රියදුරු නාලන්ද රජයේ රෝහලට රැගෙන යාමේ දී ජිවිතක්ෂයට පත්ව තිබෙන බවයි පැවසෙන්නේ.
මෙසේ මියගොස් ඇත්තේ පලාපත්වල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් මහවෙල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.
