Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලසිත් මාලිංගව පසු කර ගිය චහල්

2 years ago

IPL තරග ඉතිහාසයේ වැඩිම වරක් එක් ඉනිමක් තුළ කඩුලු 4ට වැඩියෙන් ලබාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ලසිත් මාලිංගව පසු කරමින් පෙරමුණ ගැනීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන යුස්වේන්ද්‍ර චහල් සමත්වුණා.

පසුගියදා කොල්කටා කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී ලකුණු 28කට කඩුලු 4ක් දවා ගැනීමත් සමඟ ඔහු මෙම දස්කම දැක්වීමට සමත් වුණා.

ඒ අනුව චහල් මේ වන විට IPL පිටියේ අවස්ථා 8කදී කඩුලු 4කට වැඩියෙන් දවා ගැනීමට සමත් වී තිබේ.

මුම්බායි කණ්ඩායම නියෝජනය කළ ලසිත් මාලිංග IPL ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු 4කට වැඩියෙන් දවාගෙන ඇති අවස්ථා සංඛ්‍යාව 7ක්.

මෙම ලැයිස්තුවේ චහල් හා සමතැන් ගෙන පෙරමුණේ පසුවන සුනිල් නරේන්ද IPL ක්‍රිකට් පිටියේ අවස්ථා 8කදී කඩුලු 4ට වැඩියෙන් දවා ගෙන තිබේ.