Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රට තුළ සිතාගත නොහැකි මට්ටමේ වංචා දූෂණ වෙලා – අල්ලස් කොමිසම

1 year ago

රට තුළ සිතාගත නොහැකි මට්ටමේ වංචා දූෂණ සිදුව ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ සමහර ඉලක්කම් පවා සම්මත ක්‍රමයට කියවිය නොහැකි බවයි.

මේ අතර රාජ්‍ය නිලධාරීන් විසින් සිදුකරන සියලුම ක්‍රියා දූෂණය නැමති වරදට නොගන්නා බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.

නමුත් රාජ්‍ය නිලධාරීන් විසින් කරන යම් ක්‍රියාවක් චේතනාන්විතව හෝ දැනුවත්ව රජයට පාඩුවක් හෝ වෙනත් අයෙකුට වාසියක් වන බවට දැනුවත්ව සිදුකළහොත් එය දූෂණය නැමති වරදට යටත් වන බව ස්වර්ණවාහිනී නාලීකාවේ රතු ඉර වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළා.