අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් අතර පහ වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ක්රමානුකූල ප්‍රවේශයක් ගන්නා බවත්, 2028-2029 කාලය තුළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් අගමැතිනිය පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
පහ වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවත් අධ්‍යාපන ක්ෂේත්රයේ නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අනාගතයේදී ක්‍රමානුකූලව තීරණයක් ගැනීමට සැලසුම් කර ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් දරුවන්ට ඇති වන අධික පීඩනය අවම කිරීම රජයේ සැලසුම බව ඇය අවධාරණය කර සිටිනවා.
ඒ අනුව 2028, 2029 වර්ෂ වන විට ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.
