ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල්අවීව්, හයිෆා සහ අවට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ලබා තිබේ.
මෙලෙස තුවාල ලාබ ඇත්තේ, ඊශ්‍රායලයේ බැට් නම් ප්‍රදේශයේ සේවය කරන ලද ශ්‍රී ලාංකික කාන්තාවක් බවත් ඇයගේ තත්ත්වය බරපතළ නොවන බවත් ඊශ්‍රායල තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.
මේ අතර ටෙල්අවීව් නගරයට දකුණු දෙසින් සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවක් ද ඇය සේවය කරන නිවසේ ඇති වූ දෙදරීම හේතුවෙන් එම නිවසේ සිටි අය සමග ඉවත්ව ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම, බලපෑමට ලක් වූ හෝ අනතුරේ සිටින ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට වහාම තානාපති කාර්යාලය අමතනන ලෙසත් විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී සිටිනවා.
