Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඊශ්‍රායල ප්‍රහාරවලින් 128ක් මරුට 

1 year ago

ඊශ්‍රායලය විසින් ඉරානය වෙත එල්ල කළ ප්‍රහාරවලින් ළමුන් ඇතුළු පුද්ගලයින් 128 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ප්‍රහාරවලින් පුද්ගලයින් 900 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවය.

මියගිය පිරිස අතර මාස දෙකක කුඩා බිළිඳෙකු ද වන බව සඳහන් වේ.

මේ අතර ඉරානය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 13 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඊශ්‍රායල රජය ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාර හමුවේ තුවාල ලැබු පුද්ගලයින් සංඛ්‍යාව 380ක් පමණ වන බවය.

ඉරානය විසින් ඊයේ (14) දිනයේ මධ්‍යම ඊශ්‍රායලයේ බැට්යම් ප්‍රදේශයට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් නිවාස සංකීර්ණ ගොඩනැගිල්ලකට දැඩි හානී සිදුව තිබුණි