Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තියුණු සටනකින් පසු මාලිමාවට කොළඹ පුරපති අසුන හිමි වෙයි

1 year ago

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙ අද (16) පැවැත්වුණා.

එහි දී නගරාධිපතිවරයා සඳහා වන ජාතික ජන බලවේගය නියෝජනය කරමින්, ව්‍රායි කැලී බල්තසාර්ගේ නම යෝජනා වූ අතර විපක්ෂය නියෝජනය කරමින් රීසා සාරුක්ගේ නම යෝජනා වුණා.

ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් නගරාධිපති සටනට ඉදිරිපත් වූ ව්‍රායි කැලී බල්තසාර් මහත්මියට ඡන්ද 61ක් හිමි වූ අතර පක්ෂය නියෝජනය කරමින් නගරාධිපති සටනට ඉදිරිපත් වූ රීසා සාරුක් මහතාට හිමි වූයේ 54ක් පමණි.

ඒ අනුව වැඩි ඡන්දයෙන් කොළඹ පුරපතිවරයා ලෙස ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය තේරී පත් විය.

ඡන්ද දෙකක් ප්‍රතික්ෂේප වී තිබුණි.