අත්තනගල්ල පොලිස් වසමේ අත්තනගල්ල ප්‍රදේශයේදී නිට්ටඹුව රුවන්වැල්ල මාර්ගයේ අත්තනගල්ල දෙස සිට ඌරපොල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකි ව මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් පාලමක ගැටී ඊයේ (15) අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු හා පසුපැදිකරු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේදී පැදිකරු මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 70 ක් වූ රුග්ගහවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෘත ශරීරය වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අත්තනගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
