Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිලිත්ගේ පදක්කමට උප සභාපති ධූරයක් හිමිවෙයි

1 year ago

අරණායක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවමින් සමගි ජන බලවේගයේ එම්.පී. මංජුල සෙනවිරත්න මහතා ඡන්ද 16ක් ලබාගනිමින් සභාපතිවරයා වශයෙන් අද (19) තෝරා පත්කර ගැනුණි.

උප සභාපති තෝරා පත් කරගැනීම විවෘත ඡන්ද විමසීමකින් තොරව සර්වජන බලය පක්ෂයේ ජී.ඩබ්ලිව්. ඉරේෂා මහත්මියගේ නම් යෝජනා වීමෙන් අනතුරුව ඡන්ද 16ක් ලබාගනිමින් ඇය නිතරගයෙන් පත් වුණි.

පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේගය අරණයාක ප්‍රාදේශීය සභාව සඳහා මන්ත්‍රී ධුර 13ක් ලබාගනිමින් ජය හිමි කරගැනීමට සමත්වී තිබුණි.

අරණායක ප්‍රාදේශීය සභාවට සභිකයින් තේරීපත්වී ඇති ආකාරය.

එක්සත් ජාතික පක්ෂය – 02
ජනතා අරගල සන්ධානය – 01
ජාතික ජන බලවේගය – 13
මහජන සන්ධානය – 01
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 02
සමගි ජන බලවේගය – 08
සර්වජන බලය – 03