Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනතාවට සහන මිලට පොල් මිලදී ගැනීමට අවස්ථාවක්

1 year ago

පාරිභෝගික ජනතාවට සහනයක් ලෙස ලංකා සතොස ශාඛා ඔස්සේ පොල් ගෙඩියක් රුපියල් 160 ත් 170 ත් අතර මිලකට අලෙවි කිරීමට ඉදිරි දිනවලදී කටයුතු යොදන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග පැවැසීය.

ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල පොල් නිෂ්පාදනයේ අඩුවක් පවතින බව ඔහු පවසා සිටියේය.

ලංකාව තුළද පොල් ගෙඩි මිලියන 300 ක පමණ නිෂ්පාදනයේ අඩුවක් පවතින බව ඔහු වැඩිදුරටත් පැවැසීය.

පොල් වෙන්දේසියේදී පොල් ගෙඩියක මිල රුපියල් 124 ක් දක්වා අඩුවී ඇතත්, අතරමැදියා විසින් වතුවලින් පොල් මිලදී ගෙන වෙළෙඳපොළට අලෙවි කරනු ලබන්නේ වැඩි මිලකට බවයි ශාන්ත රණතුංග මහතා සඳහන් කළේ.