ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (CPC) සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ(CPSTL) පවතින රැකියා පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා ප්රකාශ කරයි.
මෙවර රැකියා සඳහා තෝරා ගැනීමේදී කිසිදු දේශපාලන හෝ නිලධාරී මට්ටමෙන් ඒ සඳහා බලපෑමක් නොමැති බවයි සභාපතිවරයා සඳහන් කළේ.
පවතින ඇබෑර්තු සඳහා අයදුම්පත්ර යොමු කරන අය බඳවා ගැනීමේ දී ඔවුන් කිසියම් දැන හැඳුනුම්කමක් මත පැමිණ ඇති බවට අනාවරණය වුවහොත් අදාළ පුද්ගලයා එම රැකියාව ලබා ගැනීමට නුසුදුස්සෙක් බවට පත්වනු ඇති බවද ඔහු සඳහන් කළා.
එසේම රැකියා ලබා දීම වෙනුවෙන් හෝ රැකියාව ලබා ගැනීම වෙනුවෙන් මුදල් ගැනීමක් හෝ ලබා දීමක් සිදු කර තිබුණහොත් අදාළ සියලු පාර්ශ්ව නීතිය හමුවට ඉදිරිපත් කිරීමට ද කටයුතු කරන බවයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පැවසීය.
සුදුසුකම් මත රටේ ඕනෑම පුද්ගලයෙක්ට කිසිදු බලපෑමකින් තොරව අදාළ රැකියා සඳහා අයදුම් කර ලබා ගත හැකි බව රාජකරුණා මහතා වැඩිදුරටත් සඳහන් කළා.
මේ වනවිට අයදුම්පත් කැඳවා ඇති රැකියා පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා පහත සබැඳි ඔස්සේ පිවිසෙන්න.
1. Mooring Master – Ceylon Petroleum Storage Terminals Limited
2. Nurse – Ceylon Petroleum Storage Terminals Limited
3. Management Trainee – Ceylon Petroleum Storage Terminals Limited
