2025 වසරට අදාල ශිෂ්‍යත්ව විභාගයෙන් දිස්ත්‍රික් කඩයිම් ලකුණ ඉක්ම වූ සිසුන් ගණන 51,969ක් බවත් එය ප්‍රතිශතයක් ලෙස 17.11%ක් බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ පවසනවා.
කොමසාරිස්වරිය මේ පිළිබඳව පවසා සිටියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් අද පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවේදීයි.
මුළු ලකුණු 70ට වැඩියෙන් ලබා ගත් සිසුන් ගණන 213,872 ක් බවත් ප්‍රතිශතයක් ලෙස එය 70.3%ක් බවයි ඇය පවසා සිටියේ.
