Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එකම පවුලේ පිරීසක් ගමන්ගත් ත්‍රීරෝද රථයක් අඩි පනහක පමණ ප්‍රපාතයකට පෙරළෙයි

1 year ago

ගම්පොළ සිට හැටන් දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් වටවල ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරට ලක්වන විට ත්‍රීරෝද රථයේ එකම පවුලේ  මව පියා සහ  දරුවන් දෙදෙනෙක්  ගමන් කර තිබෙනවා.

අනතුරින් මව සහ කුඩා දරුවන් දෙදෙනා තුවාල ලබා  ඇති අතර, මොවුන්  වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර  ඇති බවයි වාර්තා වන්නේ.

වංගු සහිත මාර්ගයේ ගමන්ගත් මෙම ත්‍රී රෝද රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහීම මෙම අනතුරට හේතුව වී ඇති බවයි අනාවණය වී ඇත්තේ.