Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විපක්ෂය හෙට නුගේගොඩට එන්න සැරසෙද්දී ජනපති අද තංගල්ලට

1 year ago

‘රටම එකට‘ ජාතික මෙහෙ­යුමේ දකුණු පළාත් වැඩ­ස­ට­හන ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් තංගල්ල මහ­ජන ක්‍රීඩාං­ග­ණ­යේදී අද (20) සවස 3.00ට ආරම්භ කිරීමට නියමිතයි.

මෙරට තරුණ ප්‍රජාව මෙන්ම පාසල් දරු­වන්ගේ ජීවිත අව­දා­න­මට ලක්කර ඇති විෂ මත්ද්‍රව්‍ය උව­දුර සහ විෂ මත්ද්‍රව්‍ය ජාවා­රම තුරන් කිරීම  අර­මුණ ඇතිවයි මෙම වැඩසටහන  ක්‍රියාත්මක වන්නේ.

මහ­ජන සහ­භා­ගීත්වයක් සහිතව පුළුල් යන්ත්‍ර­ණ­ය­කින් මේ වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කිරීම රජයේ සැල­සු­මයි.

මත්ද්‍රව්‍ය සැප­යීම සහ ඊට ඇති ඉල්ලුම අඩාළ කිරීම මෙහි ඉලක්කයක් වනවා.

පාසල්, විශ්ව­වි­ද්‍යාල, පොලිසිය, ත්‍රිවිධ හමු­දාව, ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආය­තන ඇතුළු රාජ්‍ය ආය­තන ද මේ වැඩ­ස­ට­හ­නට සහභාගී කර ගැනේ.

‘රටම එකට‘ වැඩ­ස­ට­හනේ සමා­ර­ම්භය ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පසු­ගිය මස 30 දා කොළඹ සුග­ත­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ කෙරුණා.