වුනියාව නෙඩුන්කේණී පොලීසියේ සේවය කළ පොලිස් සැරයන්වරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙන් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (20) අත් අඩංගුවට ගත් මෙම පොලිස් සැරයන්වරයා වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු දෙසැම්බර් මස 4 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත.
අදාල පොලිස් සැරයන්වරයා නෙඩුන්කේණී ප්‍රදේශයේ පදිංචිකරුවකුට එරෙහිව තිබූ පැමිණිල්ලක් විභාග නොකොට සිටීමට රුපියල් දස දහසක (10000/=) මුදලක් ඉල්ලා ඇති අතර ඉන් රුපියල් පන්දහසක මුදලක් ලබා ගනිද්දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙ නිලධාරීන් විසින් කොටු කරගෙන තිබෙනවා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවතවනු ලබනවා.
