Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විපක්ෂයේ යෝජනාව කුණු කූඩයට

11 months ago

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට   මැතිසබයට ව්‍යවස්ථාදායක බලයක් නොමැති බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට ඊයේ (9)  දැනුම් දුන්නේය.

එසේම එවැනි පියවරක් ගතහොත් එය අධිකරණයේ ස්වාධීනත්වයට හානි වන බවද ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම සඳහා  විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා  විපක්ෂයේ මන්ත්‍රීවරුන්  බාර දුන් යෝජනාව සම්බන්ධයෙන්  සිය මතය ඉදිරිපත් කරමිනි

කතා නායකවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ පාර්ලිමේන්තුවේ දැඩි  උණුසුම් තත්වයක් ඇතිවිය.

මෙහිදී  සමගි  ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ  දයාසිරි ජයසේකර මහතා අදහස් දැක්වීමට උත්සාහ දැරූ අවස්ථාවේදී කතානායකවරයා ” මම මගේ මතය දීලා ඉවරයි. ඒ ගැන දැන් කතා කරන්න බැහැ’  යනුවෙන් පැවසුවේය