Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති හෙට ඉන්දියාවට

9 months ago

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනයකට අනුව “AI Impact Summit 2026” සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (17) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

කෘත්‍රිම බුද්ධිය (AI) මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව සංවිධානය කර ඇත. දින පහක් පුරා පැවැත්වෙන මෙම සුවිශේෂී ගෝලීය සමුළුව ඇමතීමට ජනාධිපතිවරයා ලබන 19 වනදා නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

රටවල් 20ක රාජ්‍ය නායකයන් සහ රටවල් 45කට අධික සංඛ්‍යාවක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවේදී, කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ අනාගත ගමන්මඟ සහ ගෝලීය අභියෝග ජය ගැනීම සඳහා එය භාවිත කළ හැකි ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.