Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පින්වත්ත දුම්රිය පාලම මත මාරක අනතුරක්! විදෙස් ජාතිකයෙකුට දිවි අහිමි වෙයි!

9 months ago

අද (09) පස්වරුවේ වාද්දුව සහ තල්පිටිය පින්වත්ත දුම්රිය ස්ථාන අතර පිහිටි දුම්රිය පාලම මතදී සිදුවූ අනතුරකින් 82 හැවිරිදි එංගලන්ත ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය විදෙස් ජාතිකයා ඇතුළු පිරිස එම පාලම භාවිතයට නොගන්නා එකක් යැයි සිතා ඒ මත සිට සිරි නරඹමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත.

විදෙස් සංචාරකයින් දෙදෙනෙකු, මෙරට පුද්ගලයින් දෙදෙනෙකු සහ කුඩා දරුවෙකු වෙරළ තීරයට ගොස් ආපසු එන අතරතුර මෙම දුම්රිය පාලම මතට පිවිස තිබේ. එම අවස්ථාවේදී බෙලිඅත්ත සිට නුවර දක්වා ධාවනය වූ ශීඝ්‍රග්‍රාමී දුම්රිය එම මාර්ගයේ පැමිණ ඇත. දුම්රිය එනු දැක කලබලයට පත්වූ පිරිස ඉන් ඉවත් වීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බව පින්වත්ත පොලීසිය පවසයි.

දුම්රියේ ගැටුණු විදෙස් ජාතිකයා පින්වත්ත ඇළට වැටී එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. අනෙක් පිරිස දුම්රිය පාලමෙන් ඇළට පැන සිය ජීවිත බේරා ගැනීමට සමත් වුවද, ඔවුන් අතරින් විදෙස් ජාතික කාන්තාව, මෙරට පිරිමි පුද්ගලයෙකු සහ කුඩා දරුවෙකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.