දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පවතින උණුසුම් කාලගුණික තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (11) දිනය සඳහා වලංගු වේ.
- පළාත්: බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්.
- දිස්ත්‍රික්ක: මොනරාගල දිස්ත්‍රික්කය.
මෙම ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. අධික උණුසුම හේතුවෙන් සෞඛ්‍ය ගැටලු මතු විය හැකි බැවින්, ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම, එළිමහන් වැඩකටයුතු සීමා කිරීම සහ සෙවන ඇති ස්ථානවල රැඳී සිටීම වැනි පියවර අනුගමනය කරමින් සෞඛ්‍ය ආරක්ෂිතව සිටින ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.
