ඉරානය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන අමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ යුද මෙහෙයුම්වල තීරණාත්මකම සහ දරුණුතම දිනය අද (10) උදා වී ඇති බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කර තිබේ.
අද දිනය තුළ මෙතෙක් සිදු කළ මෙහෙයුම්වලට වඩා වැඩිම ප්‍රහාරක යානා, බෝම්බ හෙළන යානා සහ ප්‍රහාර සංඛ්‍යාවක් භාවිතා කරමින් ඉරානය තුළ ඇති ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පෙබරවාරි 28 වැනිදා මෙම යුද ගැටුම් ආරම්භ වූ දා සිට මෙහෙයුම් ඉතිහාසයේ වඩාත්ම තීව්‍ර දවස අද වනු ඇති බවයි විදේශ වාර්තා පෙන්වා දෙන්නේ.
