Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මැද පෙරදිග අර්බුදයෙක් මෙරට සංචාරක ක්ෂ්‍රේත්‍රයට මරු පහරක් 

8 months ago

මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට සංචාරක ව්‍යාපාරයට සහ අපනයන ක්ෂේත්‍රයට බරපතළ බලපෑම් එල්ල වී ඇති බව රජය පවසයි.

සංචාරක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා සඳහන් කළේ, මෙම තත්ත්වය මත මෙරටට පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර 768ක් මේ වන විට අවලංගු වී ඇති බවයි.

මේ හේතුවෙන් සංචාරකයින්ගේ පැමිණීම 30%ක පමණ ප්‍රමාණයකින් අඩුවී ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, සංචාරක ව්‍යාපාරය යළි නගාසිටුවීම සඳහා මත්තල ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් පවතින බව ද පැවසීය.