මැදපෙරදිග කලාපයේ ආරක්ෂාව තර කිරීම සඳහා තවත් ඇමෙරිකානු හමුදා භටයින් 2500කගෙන් පමණ සමන්විත බලඇණියක් යැවීමට තීරණය කළ බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් (Pete Hegseth) මහතා ප්‍රකාශ කළේය.
නාවික සහ මැරීන් බලකායන් මෙහෙයුමට මෙම නව හමුදා ඛණ්ඩයට ඇමෙරිකානු නාවික හමුදා (Navy) සෙබළුන් මෙන්ම මැරීන් විශේෂ කාර්ය බලකා (Marine Corps) සාමාජිකයන් ද ඇතුළත් වනු ඇත. දියුණු යුද පුහුණුවක් සහිත මෙම භට පිරිස් කලාපය තුළ ස්ථානගත කිරීම හරහා ඇමෙරිකානු ආරක්ෂක විභවය තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂිතය.
USS Tripoli බලඇණිය සූදානමින් විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, ට්‍රම්ප් පරිපාලනය විසින් මැදපෙරදිග වෙත යැවීමට තීරණය කර ඇති මෙම බලඇණිය බොහෝ දුරට යූ.එස්.එස් ට්‍රිපොලි (USS Tripoli) බලඇණිය වනු ඇත. ට්‍රිපොලි යනු ප්‍රහාරක හෙලිකොප්ටර් යානා ප්‍රවාහනය කළ හැකි දැවැන්ත නෞකාවක් වන අතර, එයට සහාය වීම සඳහා තවත් ප්‍රහාරක යුද නෞකා කිහිපයක් ද මෙම බලඇණියට අයත් වේ.
මේ වන විට යූ.එස්.එස් ට්‍රිපොලි බලඇණිය ජපානය පදනම් කර ගනිමින් පැසිෆික් කලාපයේ ස්ථානගත වී ඇත.
