ඉන්ධන ලබාගැනීම සඳහා හඳුන්වා දී ඇති QR කේත පද්ධතියේ පැන නැගී ඇති තාක්ෂණික ගැටලු කඩිනමින් නිරාකරණය කිරීමට මේ වන විටත් පියවර ගනිමින් පවතින බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි.
ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන පරිදි, මීට පෙර QR කේතය ලබාගත්, එම වාහනය සහ දුරකථන අංකයම තවදුරටත් භාවිතා කරන පුද්ගලයන්ට කිසිදු ගැටලුවකින් තොරව සිය නව QR කේතය යාවත්කාලීන කරගැනීමේ හැකියාව පවතී.
වාහන අයිතිකරුවන් මාරු වීම, දුරකථන අංක වෙනස් වීම හෝ අලුතින් වාහන මිලදී ගත් පුද්ගලයන් පද්ධතියට ලියාපදිංචි වීමේදී මුහුණ දෙන ගැටලු රජය විසින් හඳුනාගෙන ඇත. එම ගැටලු හැකි ඉක්මනින් විසඳීමට තාක්ෂණික කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පවසා සිටියි.
අත්‍යවශ්‍ය සේවාවන්, ගිලන් රථ සහ කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමේදී පවතින විශේෂිත ගැටලු සම්බන්ධයෙන් අද (15) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. එම සාකච්ඡාවෙන් අනතුරුව අද දිනය තුළම එම ගැටලුවලට ස්ථිර විසඳුම් ලබාදීමට කටයුතු කරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
