Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හෙට කළුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

8 months ago

කෙත්හේන සිට කළුතර දක්වා දිවෙන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

මෙම හදිසි නඩත්තු කටයුත්ත හේතුවෙන් පහත සඳහන් ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා ඇත.

  • වස්කඩුව සහ මොල්ලිගොඩ
  • මොරොන්තුඩුව
  • කළුතර උතුර සහ දකුණ
  • නාගොඩ සහ කටුකුරුන්ද
  • බෝම්බුවල

සිදුවී ඇති බිඳවැටීම පිළිසකර කිරීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් පවතින අතර, හෙට (16) පෙරවරු 10.00 පමණ වන විට ජල සැපයුම යළි යථාවත් කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

පාරිභෝගිකයින්ට පවතින අපහසුතාවය සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කරන මණ්ඩලය, මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා ‘1939’ කෙටි දුරකතන අංකය ඇමතිය හැකි බව දන්වා සිටියි.