Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලට වරෙන්තු

8 months ago

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් මහර මහේස්ත්‍රාත් අධිකරණය අද (15) වරෙන්තු නිකුත් කර තිබේ.

සපුගස්කන්ද ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකට අදාළව අශෝක රන්වල මහතාට එරෙහිව මහර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී. අදාළ නඩුව අද දින කැඳවූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටීම මෙම වරෙන්තුව නිකුත් කිරීමට හේතුවී ඇත.

නඩු විභාගයට පෙනී නොසිටීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා, මන්ත්‍රීවරයාව වරෙන්තු මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.