Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයේ සේවකයින්ගේ සියලු ස්ථාන මාරුවීම් පිළිබඳව දැනුම්දීමක්

8 months ago

2026 වර්ෂය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් තීරණය කර ඇති සියලුම වාර්ෂික ස්ථානමාරුවීම් එළඹෙන අප්‍රේල් මස 02 වන දින සිට ක්‍රියාත්මක කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය දැනුම් දෙයි.

ස්ථානමාරුවීම් නියෝගවල ක්‍රියාත්මක වීමේ දිනයක් විශේෂයෙන් සඳහන් කර නොමැති සියලුම ස්ථානමාරුවීම් ද අප්‍රේල් 02 වන දින සිටම බලපැවැත්වෙනු ඇත. ඒ අනුව වාර්ෂික ස්ථානමාරු නියෝග ලබා සිටින සියලුම නිලධාරීන් නියමිත දිනට සිය නව සේවා ස්ථානවල රාජකාරි භාරගැනීම අනිවාර්ය වේ.

ස්ථානමාරුවීම්වලට අදාළව ඉදිරිපත් කර තිබූ අභියාචනාවල අවසන් තීරණ මේ වන විට සියලුම නිලධාරීන් වෙත දැනුම් දී තිබේ. එම තීරණ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ද පරීක්ෂා කරගත හැකිය.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව අවධාරණය කරන්නේ මෙම ස්ථානමාරුවීම් සම්බන්ධයෙන් ඉදිරියේදී ඉදිරිපත් කරනු ලබන කිසිදු ඉල්ලීමක් හෝ නිර්දේශයක් නැවත සලකා නොබලන බවයි.