පවතින බලශක්ති අර්බුදය හමුවේ ජනතාව ස්වයං පාලනයකින් යුතුව සහ අරපිරිමැස්මෙන් ඉන්ධන පරිභෝජනය කරන්නේ නම් QR ක්රමවේදයක අවශ්‍යතාවයක් මතු නොවන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
අද (16) පැවති ජන හමුවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වත්මන් ඉන්ධන සහ බලශක්ති අර්බුදය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් නොව, එය ලොව පුරා රටවල් රැසකට බලපා ඇති පොදු ගැටලුවක් බවයි.
ජාත්‍යන්තර සාධක මත බලශක්ති මිල ඉහළ යාම සහ සැපයුම් ජාලයන්හි ඇති වී තිබෙන බාධා මෙයට ප්‍රධාන හේතුව වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අර්බුදය හමුවේ රජය පනවන සීමාවන්ට වඩා ජනතාවගේ මැදිහත්වීම සහ සහයෝගය තීරණාත්මක බව පැවසූ අබේසිංහ මහතා, හැකි උපරිම අයුරින් බලශක්ති පරිභෝජනය සීමා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ජනතාව අරපිරිමැස්මෙන් කටයුතු කරන්නේ නම්, දැඩි පාලන ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට රජයට අවශ්‍ය නොවන බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.
