Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුලි කප්පාදුවක් ගැන බලශක්ති ඇමතිගෙන් ඉඟියක්

8 months ago

මෙතෙක් මෙරට තුළ විදුලි කප්පාදුවක් සිදුකර නොමැති වුවද, පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඉදිරියේදී යම් කාලසීමාවකට විදුලිය විසන්ධි කිරීමට සිදුවීමේ ඉඩකඩක් පවතින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27/2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. රට තුළ විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇත්දැයි විපක්ෂ නායකවරයා මෙහිදී රජයෙන් විමසා සිටියේය.

එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

“තාම එක පැයක් විදුලිය කපන්නේ නැතුව අපි ගෙනියනවා, හැබැයි කපන්න වෙන වෙලාවකුත් තියෙන්න පුළුවන්”.”