Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගෑස් සැපයුම ගැන ජනපතිගෙන් සහතිකයක්

8 months ago

රට තුළ පවතින ගෑස් අවශ්‍යතාව සපුරාලීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් පවතින බවත්, ඒ යටතේ ඉදිරි දින දෙක ඇතුළත ලිට්‍රෝ ගෑස් මෙට්‍රික් ටොන් 33,000ක තොගයක් මෙරටට ලැබීමට නියමිත බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අද (17) පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

“මාර්තු මාසේ ගෑස් අවශ්‍යතාවය තිබ්බේ 33,000යි නමුත් අපි 38,000ක් ඇනවුම් කළා මාර්තු මාසයට පෞද්ගලික සමාගමක් ගෑස් සැපයුම අඩාල කරලා තිබෙන නිසා. ඒ මෙට්‍රික් ටොන් 38,000ම ලැබිලා තිබෙනවා. තව අපි ගෑස් නැවක් ඇනවුම් කරලා තියෙනවා ඒක හෙට හෝ අනිද්දා ලැබීමට නියමිතව තිබෙනවා ඒ නිසා ගෑස් අර්බුදයක් ඇති වෙන්නේ නෑ.

ගෑස්, ගල් අඟුරු සහ ඉන්ධන අපේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා හරහා ලබා ගැනීමට සාකච්ඡා කරමින් තිබෙනවා ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් යනවා.“