Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අනීතිකව පෙට්‍රල් ළඟ තබාගත් අයෙකුට මාස 2ක සිරදඬුවමක්

8 months ago

බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස පෙට්‍රල් ලීටර් 65ක් සන්තකයේ තබා ගනිමින් ලොරි රථයකින් ප්‍රවාහනය කළ පුද්ගලයෙකුට රුපියල් 2,500ක දඩයක් සහ මාස 02ක අනිවාර්ය සිරදඬුවමක් නියම කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (19) නියෝග කළේය.

මෙලෙස දඬුවම් නියම වූයේ ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටය. වැල්ලවත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් අසාමාන්‍ය ලෙස ඉන්ධන තොගයක් ලබාගත් බවට වැල්ලවත්ත පොලීසියට ලද තොරතුරකට අනුව, ඊයේ (18) රාත්‍රියේ අදාළ පිරවුම්හල අසලදී මොහු අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අදාළ ලොරි රථය තුළ තිබී ඉන්ධන පිරවූ කෑන් 4ක් සොයාගෙන ඇත. එහි තිබූ පෙට්‍රල් ලීටර් 65ක මුළු වටිනාකම රුපියල් 20,000ක් පමණ වන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.