Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්ධන ලීටර් 500ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

8 months ago

හම්බන්තොට, කටුවැව සල්මල්යාය ප්‍රදේශයේ නිවසක බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස රැස්කර තබාගෙන සිටි ඉන්ධන ලීටර් 500කට ආසන්න තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබේ.

එහිදී නිවසෙහි සඟවා තිබී ඩීසල් ලීටර් 480කට වැඩි ප්‍රමාණයක් සහ පෙට්‍රල් ලීටර් 20කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බවට සඳහන් වේ. 

සැකකරු සහ නඩු භාණ්ඩ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.