ජපානයට සම්බන්ධ නෞකාවලට හෝමූස් සමුද්‍ර සන්ධිය භාවිතා කිරීමට අවසර ලබාදීමට ඉරානය සූදානම් බව එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ප්‍රකාශ කර තිබේ.
පනවා ඇති අවහිරතා තාවකාලිකව ඉවත් කරගැනීමේ අරමුණින් දෙපාර්ශ්වය අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුව ඉරානය මෙම තීරණයට එළඹ ඇති බව ජපානයේ ‘කියෝඩෝ නිවුස්’ වාර්තා කරයි.
මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ජපාන රජයේ නියෝජිතයෙකු සඳහන් කර ඇත්තේ, පවතින අවහිරතා ඉවත් කිරීමට ඇති වඩාත්ම ඵලදායී ක්‍රමය ඉරානය සමඟ සෘජු සාකච්ඡා පැවැත්වීම බවයි.
කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලියේදී ඇමෙරිකාව කුපිත නොවන පරිදි උපරිම සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බව ජපාන බලධාරීන් අවධාරණය කර සිටී.
ජපාන යාත්‍රාවලට හෝමූස් හරහා ගමන් කිරීමට අවසර ලැබුණද, එය පවතින බලශක්ති අර්බුදයට පූර්ණ විසඳුමක් නොවන බව ජපාන රජයේ ස්ථාවරය වී තිබේ. ජපාන අගමැති සානේ ටකයිචි මහත්මිය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී යළි දිවයින බලා පැමිණෙන අතරතුර ඉරානයෙන් මෙම අවසරය හිමිවීම විශේෂත්වයක් ලෙස සැලකේ.
