Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අල්ලස් ගත් පොලිස් සැරයන්ට වැඩ වරදී

8 months ago

අක්කරපත්තුව පොලිස් ස්ථානයේ රථ වාහන අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු රුපියල් 4,000ක අල්ලස් මුදලක් ලබාගැනීමේදී අද (26) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකර ඇත. පැමිණිලිකරු පදවන ලද යතුරුපැදියෙන් ඔහුගේ මව වැටී අනතුරක් සිදුව ඇති බවට 119 අංකයට පැමිණිල්ලක් ලැබී තිබුණි. එම පැමිණිල්ල සම්බන්ධයෙන් නීතිමය පියවර නොගැනීමටත්, පොලිස් භාරයට ගත් රියදුරු බලපත්‍රය නැවත ලබාදීමටත් සැකකාර සැරයන්වරයා රුපියල් 5,000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබේ.

අදාළ මුදලින් රුපියල් 1,000ක් ලබාගෙන රියදුරු බලපත්‍රය කලින් ලබාදී තිබූ සැකකරු, ඉතිරි රුපියල් 4,000ක මුදල ලබාගැනීම සඳහා අද පෙරවරු 10:12ට පමණ අක්කරපත්තුව රෝහල් පරිශ්‍රයට පැමිණ ඇත. එහිදී එම මුදල ලබාගන්නා අවස්ථාවේදීම අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා අක්කරපත්තුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය