Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

FBI අධ්‍යක්ෂවරයාගේ පෞද්ගලික ගිණුමක් ඉරානයේ හැකර්වරුන් අතට

8 months ago

අමෙරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (FBI) අධ්‍යක්ෂ කැෂ් පටෙල් (Kash Patel) මහතාගේ පෞද්ගලික ගිණුමක් බිඳදමා (Hack) ඔහුගේ පෞද්ගලික දත්ත අන්තර්ජාලයට මුදාහැරීමට ඉරානයට සම්බන්ධ හැකර් කණ්ඩායමක් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“Handala Hack Team” නමැති හැකර් කණ්ඩායම විසින් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර, ඔවුන් පවසන්නේ සාර්ථකව හැක් කරන ලද පුද්ගලයන්ගේ ලැයිස්තුවට දැන් කැෂ් පටෙල්ගේ නම ද ඇතුළත් කර ඇති බවයි.

ඔවුන් විසින් අධ්‍යක්ෂවරයාගේ ඡායාරූප කිහිපයක් සහ ඔහුගේ ජීව දත්ත පත්‍රිකාව (Resume) ලෙස සැලකෙන ලේඛන කිහිපයක් ද ඔවුන්ගේ නිල වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කර තිබේ.