Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අඹු සැමි යුවලකට මරු කැඳ වූ මාරක රිය අනතුර

8 months ago

මහියංගනය – ගිරාඳුරුකෝට්ටේ මාර්ගයේ 3 කණුව ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ සිදුවූ දරුණු රිය අනතුරකින් එකම පවුලේ අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගිරාඳුරුකෝට්ටේ දෙසට ධාවනය වූ කැබ් රථයක්, තවත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ට්‍රැක්ටර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේදී රථ වාහන දෙකෙහිම පිරිසක් ගමන් කර ඇති අතර, ගැටුම හේතුවෙන් වාහන දෙකටම හානි සිදුව ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ මහියංගනය ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 44 හැවිරිදි ඔහුගේ බිරිඳයි. මීට අමතරව මෙම අනතුරින් තවත් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා මහියංගනය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.