Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යේමනයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක්

8 months ago

ඊශ්‍රායලයට එරෙහිව දැනට පවතින යුදමය වාතාවරණය හමුවේ, යේමනයේ සිට එල්ල වූ ප්‍රථම මිසයිල ප්‍රහාරය පිළිබඳව ඊශ්‍රායල හමුදාව (IDF) අද (28) තහවුරු කර තිබේ.

මෙය පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ මෙම යුද්ධයේදී යේමනයේ හූති කැරලිකරුවන් සෘජුවම ඊශ්‍රායල භූමියට එල්ල කළ පළමු ප්‍රහාරය ලෙස වාර්තා වේ.

පසුගිය දිනයන්හි දී ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය ද දිගින් දිගටම ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කර ඇත.

ඊශ්‍රායලයේ ප්‍රධාන න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටි ප්‍රදේශය සහ බීර් ෂෙබා නගරය අවට සිකුරාදා රාත්‍රියේ තෙවරක්ම ප්‍රහාරක අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කර තිබේ.

යේමනයේ හූති කැරලිකරුවන් මෙතෙක් මෙම යුද්ධයට සෘජුව සම්බන්ධ නොවී ඇත්තේ සෞදි අරාබිය සමඟ පවතින සටන් විරාමය හේතුවෙනි. 

නමුත් මෙම ප්‍රහාරයත් සමඟ තත්ත්වය වෙනස් වී ඇති බව සඳහන් වෙයි.