මැදපෙරදිග කලාපයේ පිහිටි අමෙරිකානු සහ ඊශ්‍රායල විශ්වවිද්‍යාල ඉදිරි ප්‍ර#හාර සඳහා “නීත්‍යානුකූල ඉලක්ක” ලෙස සලකන බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
මෙම තීරණාත්මක අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි විද්‍යා සහ තාක්ෂණික විශ්වවිද්‍යාලයට (University of Science and Technology) එල්ල වූ බෝ#ම්බ ප්‍ර#හාරයකින් අනතුරුවය.
කලාපයේ ඇති අමෙරිකානු විශ්වවිද්‍යාලවල සියලු කාර්යය මණ්ඩල සාමාජිකයන්, සිසුන් සහ ඒ අවට පදිංචිකරුවන්ට එම ස්ථානවලින් ඉවත්ව සිටින ලෙසට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය දන්වා ඇති බව සඳහන්ය.
කලාපයේ එක්සත් ජනපද ආයතනවලට සිදු කරන ප්‍ර#හාර එල්ල කිරීම වැළැක්වීම සඳහා එක්සත් ජනපදය ඉරාන විශ්ව විද්‍යාලවලට බෝම්බ හෙලීම හෙළා දැකිය යුතුය.
අදාළ හෙළාදැකීම මාර්තු 30 වෙනිදා ඉරාන වේලාවෙන් දහවල් 12:00 ට පෙර සිදු කළ යුතු බවට ද ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය දැනුම්දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.