Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රීලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේනට අද අධිකරණයෙන් දුන් නියෝගය

8 months ago

එයාර් බස් (Airbus) ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබාගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (02) ප්‍රතික්ෂේප කළේය.

සැකකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ප්‍රකාශ කළේ, සැකකරුට ඇප ප්‍රදානය කිරීම සඳහා කිසිදු සුවිශේෂී කරුණක් අනාවරණය වී නොමැති බවයි.

ඒ අනුව කපිල චන්ද්‍රසේන මහතා එළැඹෙන අප්‍රේල් මස 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.