ඉරාන ප්‍රහාර හමුවේ අතුරුදන්ව සිටි අමෙරිකානු F-15E Strike Eagle යානයේ ගුවන් නියමුවා බේරාගැනීමට අමෙරිකානු හමුදා සමත්ව තිබෙනවා.
දරුණු වෙඩි හුවමාරුවක් මධ්‍යයේ ඉරානයේ දුෂ්කර කඳුකර ප්‍රදේශයක සිදුකළ මෙම මෙහෙයුම පිළිබඳව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා තහවුරු කර තිබෙනවා.
තුවාල ලබා සිටින නියමුවා දැනට ආරක්ෂිතව පසුවන බව ජනාධිපති ට්‍රම්ප් පවසනවා
පෙබරවාරි අග භාගයේ ආරම්භ වූ ගැටුම්වලින් පසු ඉරාන භූමියට කඩා වැටුණු පළමු යානය මෙය වන අතර, නියමුවා මුදාගන්නා ඕනෑම අයෙකුට ත්‍යාග පිරිනමන බවටද ඉරානය ප්‍රකාශ කර තිබුණා.
