Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොහොර සහනාධාරය ඉහළට! තේ වතු හිමියන්ටත් සහන!

8 months ago

පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ මෙරට ගොවි ජනතාව ශක්තිමත් කිරීම සඳහා වී සහ අතුරු බෝග වගාවන් සඳහා ලබා දෙන පොහොර සහනාධාරය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා විසින් නිවේදනය කරන ලද නව සංශෝධනයන්ට අනුව පොහොර සහනාධාරය පහත පරිදි ඉහළ නංවා ඇත:

  • වී වගාව සඳහා: මෙතෙක් ලබාදුන් රුපියල් 25,000ක සහනාධාරය රුපියල් 30,000 දක්වා.
  • අතුරු බෝග වගාව සඳහා: මෙතෙක් ලබාදුන් රුපියල් 15,000ක සහනාධාරය රුපියල් 18,000 දක්වා.

ලෝක වෙළෙඳපොළේ යූරියා පොහොර මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 680 සිට ඩොලර් 850 දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

එසේ වුවත්, දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් යූරියා මිටියක් රුපියල් 10,200ක ස්ථාවර මිලකට ලබා දීමට රජය සහතික වන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

රජයේ පිරිවැය පළමු පොහොර මුර දෙක සඳහා සමාගම් සතු පැරණි තොග භාවිත කරමින් සහන සැලසූ අතර, තෙවන මුරය සඳහා රජය රුපියල් බිලියන 1.7ක අතිරේක පිරිවැයක් දැරීමට තීරණය කර ඇත.

මේ අතර කුඩා තේ වතු හිමියන්ට දැනට හිමිවන රුපියල් 4,000ක දීමනාවට අමතරව, පොහොර මිටියක් වෙනුවෙන් රුපියල් 5,000ක විශේෂ එක් වරක් පමණක් ලබාදෙන දීමනාවක් පිරිනැමීමට රජය තීරණය කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම සහන වැඩපිළිවෙළ සඳහා රජය රුපියල් මිලියන 6,500ක අතිරේක මුදලක් වෙන් කර ඇති අතර, එමගින් පොහොර මිල ඉහළ යාමෙන් පීඩාවට පත් තේ වගාකරුවන්ට සෘජු මූල්‍ය සහනයක් සැලසෙනු ඇත.