ඉරානය සමඟ පවතින දරුණු යුදමය වාතාවරණය තුළ මේ වන විට අමෙරිකානු ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක සහ ප්‍රවාහන යානා අවම වශයෙන් 9ක් විනාශ වී ඇති බව විදෙස් ආරක්ෂක වාර්තා තහවුරු කරයි.
පසුගිය 5 වැනිදා වාර්තා වූයේ ඉරානයේ දුරස්ථ කඳවුරක සිරවී සිටි F-15E යානයක කාර්ය මණ්ඩලය මුදාගැනීමට ගිය ප්‍රවාහන යානා දෙකක් තාක්ෂණික දෝෂ හේතුවෙන් ගුවන්ගත වීමට නොහැකි වූ බවයි.
එම යානා සතුරා අතට පත්වීම වැළැක්වීම සඳහා අමෙරිකානු හමුදාව විසින්ම ඒවා විනාශ කර ඇති අතර, මධ්‍යම ඉරානයේ විසිරී ඇති එම සුන්බුන් සහිත ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.
- අප්‍රේල් 03: මධ්‍යම ඉරානයට ඉහළින් පියාසර කළ F-15E Strike Eagle වර්ගයේ යානයක් වෙඩි තබා බිම හෙළන ලදී.
- අප්‍රේල් 03: පර්සියානු ගල්ෆ් කලාපයේදී A-10 Warthog යානයක් අනතුරට පත් වූ අතර එහි නියමුවා දිවි බේරා ගැනීමට සමත් විය.
- මාර්තු 29: සවුදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට එල්ල වූ ඉරාන ප්‍රහාරයකින් E-3 Sentry විධාන යානයක් සම්පූර්ණයෙන් විනාශ විය.
මාර්තු 12 වැනිදා බටහිර ඉරාකයේදී KC-135 ඉන්ධන පිරවුම් යානයක් කඩා වැටීමෙන් එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, එය සතුරු ප්‍රහාරයක් නොවන බව අමෙරිකානු මධ්‍යම විධාන මූලස්ථානය පවසයි. මීට අමතරව, මාර්තු 02 වැනිදා කුවේට් රාජ්‍යයට ඉහළින් පියාසර කළ අමෙරිකානු F-15E යානා තුනක්, මිත්‍ර පාර්ශවීය ප්‍රහාරයකින් (Friendly Fire) අත්වැරදීමකින් බිම හෙළා තිබුණි. එහි සිටි නියමුවන් 6 දෙනාම දිවි බේරා ගැනීමට සමත් වී ඇත.
