Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය යළි වසා දැමේ

8 months ago

අමෙරිකාව සහ ඉරානය අතර පැය කිහිපයකට පෙර ප්‍රකාශයට පත් කළ සති දෙකක තාවකාලික සටන් විරාමය බිඳ දමමින් ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාව හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය යළි වසා දැමීමට ඉරානය පියවර ගෙන තිබේ.

පකිස්ථානයේ මැදිහත් වීමෙන් අමෙරිකාව සහ ඉරානය අතර මෙම සටන් විරාමය ඇති වුවද, ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇත්තේ එය ලෙබනනයේ ක්‍රියාත්මක හෙස්බොල්ලා සංවිධානයට එල්ල කරන ප්‍රහාර සඳහා අදාළ නොවන බවයි. ඒ අනුව බීරූට් අගනුවර ඇතුළු ලෙබනනයේ ස්ථාන 100කට අධික සංඛ්‍යාවකට ඊශ්‍රායල ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කර ඇති අතර, මෙහිදී සිවිල් වැසියන් විශාල පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රහාර හරහා සටන් විරාම කොන්දේසි උල්ලංඝනය වී ඇති බව පවසන ඉරානය, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැව් ගමනාගමනය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත. එමෙන්ම ලෙබනනයට එල්ල කරන ප්‍රහාර වහා නතර නොකළහොත් තමන් සටන් විරාමයෙන් මුළුමනින්ම ඉවත් වන බවට ද ඉරාන බලධාරීන් අනතුරු අඟවා තිබේ.