Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මල් නෙලීමට ඔරුවකින් ගිය පාසල් සිසුන් සිව් දෙනෙක් වනාතවිල්ලුව මංගලපුර කලපුවේ ගිලී ජීවිතක්ෂයට

5 months ago

වනාතවිල්ලුව ප්‍රදේශයේ මංගලපුර විල්ලුවේ මල් කැඩීම සඳහා ඔරුවකින් ගිය පාසල් සිසුන්  පිරිසෙන් මිය ගිය සංඛ්‍යාව 04 දක්වා ඉහළ ගොස් තිබේ.

සිසුන් 5 දෙනෙකු ඔරුවකින් යමින් සිටින අතරතුර මෙම ඔරුව පෙරළීමෙන් අනතුර සිදුව තිබුණි.

එහිදී එක් සිසුවෙකු පිහිනා ගොඩට පැමිණ දිවි බේරා ගෙන තිබූ අතර අනෙකු ළමුන් සිව්දෙනා දියේ ගිලී තිබේ.

එහිදී දියේ ගිලී ඇති අනෙක් සිසුන් සිව්දෙනා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගිය ළමුන් අවුරුදු 16 වියේ පසුවූ බණ්ඩාරනායකපුර හා මංගලපුර ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් පිරිසකි.

සිද්ධිය සම්බන්ධව වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.