දික්වැල්ල පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙකුගේ බෙලිඅත්ත, වලවල ප්‍රදේශයේ පිහිටි නිවසට හඳුනානොගත් පිරිසක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
නිවසේ ප්‍රධාන ගේට්ටුව ඉලක්ක කරමින් වෙඩි ප්‍රහාර පහක් පමණ එල්ල වී ඇති අතර, සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැත. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බෙලිඅත්ත පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
