Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉෂාරා සෙව්වන්දි යළි රිමාන්ඩ්

3 months ago

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ රඳවා සිටි සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. 

ඒ, ඇය අද (10) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිකුත් කළ නියෝගයකට අනුවය. 

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මෙම සැකකාරිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ද පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.